සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වෙනවා.
රාත්රී තරගයක් ලෙසින් Mount Maunganui හිදී පැවැත්වෙන මෙම තරගය ශ්රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භ වනවා.
2006 වසරේදී දෙරට අතර විස්සයි20 තරග මාලාව ආරම්භ වූ අතර, ඉන් අද පැවැත්වෙන්නේ 26වන තරගයයි.
මේ දක්වා පැවති තරග අතරින් ශ්රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 8ක් පමණක් වනවා.
එමෙන්ම ශ්රී ලංකාව නවසීලන්තයේදී විස්සයි20 තරග 8ක් ක්රීඩාකර ඇති අතර, ඉන් මේ දක්වා ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණක් වනවා.
මේ අතර අද තරගයට අදාළ සියලු ප්රවේශපත් අලෙවී අවසන් බව නවසීලන්ත ක්රිකට් ආයතනය පවසනවා.
මේ හේතුවෙන් අමතර ප්රවේශපත්ර 500ක් නිකුත්කර ඇති අතර, එයද මේ වනවිට අලෙවි වී අවසන් බවයි වාර්තා වෙන්නේ.
ඉතිරි විස්සයි 20 තරඟ දෙක ලබන 30 වන දා සහ ජනවාරි 2 වන දා පැවැත්වීමට නියමිතයි.

