සතොසින් දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300ක්

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසනවා.

රජය විසින් නියම කරන ලද පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.