දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
40%කට වැඩි නිලධාරීන් පිරිසකගේ හිඟයක් පවතින බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ.
එසේම උසස් ඩිප්ලෝමාධාරීන් 41 දෙනෙකු මේ වනවිටත් රැකියා අපේක්ෂිතව සිටින බව ඔහු පවසනවා.
පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී තිබෙනවා.
මේ හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සිදු කිරීම අපහසු වී ඇති බවයි.
එසේම මේ වසරේ විකිරණ තාක්ෂණවේදීන් 80කට ආසන්න සංඛ්‍යාවක් විදේශගත වී ඇත.

