ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
X පණිවුඩයක් නිකුත් කරමින් ජපාන ගුවන් සේවය සඳහන් කළේ, ඉන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් අද දිනයේ ගමන් කරන සියලුම ගුවන් ගමන් වාර වල ප්‍රවේශ පත්‍ර අලෙවිය ද නවතා තිබෙනවා.
මෙම ප්‍රහාරය මේ වන විට හඳුනා ගෙන ඇති අතර, පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ජපාන ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

