සියලුම පාසල් සිසුන්ට දීමනාව දෙන්න – ගුරු සංගම්

පාසැල් උපකරණ ලබාගැනීම සඳහා වත්මන් රජය තෝරාගත් පාසැල් දරුවන් පිරිසකට පමණක් දීමනාවක් ලබාදීම අසාධාරණ බව ගුරු සංගම් චෝදනා කරනවා.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දරුවන්ට සහ අස්වැසුම නොමැති ප්‍රතිලාභ අවශ්‍ය දරුවන්ට රුපියල් 6,000 ක දීමනාවක් ලබාදීම වෙනුවට, රජය කළ යුත්තේ සියලු‍ පාසැල් දරුවන්ට සහන ලබාදීම බවයි එම සංගම් පෙන්වා දෙන්නේ.