පාසැල් උපකරණ ලබාගැනීම සඳහා වත්මන් රජය තෝරාගත් පාසැල් දරුවන් පිරිසකට පමණක් දීමනාවක් ලබාදීම අසාධාරණ බව ගුරු සංගම් චෝදනා කරනවා.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දරුවන්ට සහ අස්වැසුම නොමැති ප්රතිලාභ අවශ්‍ය දරුවන්ට රුපියල් 6,000 ක දීමනාවක් ලබාදීම වෙනුවට, රජය කළ යුත්තේ සියලු පාසැල් දරුවන්ට සහන ලබාදීම බවයි එම සංගම් පෙන්වා දෙන්නේ.

