කොරෝනා නිසා පිලිපීනය නැවත වැසෙයි

පිලිපීනය තුළ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නැවතත් දැඩි සංචරණ සීමා පනවා තිබේ.

වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ කොරෝනා වෛරසය අසාදනය වූවන් ඉහළ ගියහොත් එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවය.

එම හේතුවෙන් එරට මිලියන ගණනාවක ජනතාව ට නිවෙස්වලින් පිටතට යෑමට සීමා පනවා ඇත.  

මැනිලා සහ ආසන්න පළාත් 4ක් සඳහා එම සංචරණ සීමා සති දෙකක් සඳහා බලපැවැත්වේ.

පසුගිය ජුනි මාසය වනවිට එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගියේ බලධාරීන් ක්‍රියාත්මක කළ දැඩි සංචරණ නීති හේතුවෙනි.

නමුත් මේවනවිට නව අසාදිතයින් පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එරටින් මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 100,000 ඉක්මවා තිබේ.