තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.
එසේම තවත් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉස්ලාමාබාද් – ඇෆ්ගනිස්තාන දේශසීමාවේ සිට කිලෝමීටර් 40ක් ඔබ්බෙන් පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතේ මාකීන් ප්‍රදේශයේ පිහිටි හමුදා මුරපොළකට තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.
මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම ප්‍රහාරය ආරම්භ වූ අතර පැය දෙකක් පමණ ගැටුම පැවති බවයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කරන්නේ.

