බස් රථ 5,000 ක හිඟයක්

2018 වසරේ සිට ශ්‍රී ලංකාව බස් රථ 5,000 ක හිඟයකට මුහුණ දෙමින් ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ (LPBOA) සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා .

ඔහු අවධරණය කරන්නේ රජය තවමත් පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීමට ප්‍රමුඛත්වය දී නොමැති බවයි.

ලේලන්ඩ් බස් රථයක් ආනයනය කිරීම සඳහා මේ වන විට වැට් බද්ද ඇතුළුව රුපියල් මිලියන 17ක් වැනි විශාල මුදලක් දැරීමට සිදු වන බවත් ඔහු මෙහි දී අනාවරණය කළා .

මේ හේතුවෙන් මෙම වියදම් පියවා ගැනීම සඳහා අවම බස් ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ නන්වන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලීමක් කරනවා .

එසේම පෞද්ගලික බස් රථ හිමියන්ට බදු සහන සලසන ලෙස ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයෙන් ඉල්ලීමක් කළා.