කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඒකක 14,500 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (16) ඒකක 14,500 සීමාව පසු කර තිබෙනවා.

ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 309.2 4 කින් ඉහළ ගොස් ඒකක 14,514ක් ලෙස සටහන් වුණා.

එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 111.9.7කින් ඉහල ගොස් සටහන් වූයේ ඒකක 4356ක් ලෙසයි.

පසුගිය 12 වැනිදා මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගිය අතර එයින් දින හතරකට පසුව මෙලෙස 14,500 සීමාවද ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්.