මෙම මසදී පැවැත්වීමට නියමිත ලංකා T10 තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.
තරඟාවලිය ලබන දෙසැම්බර් මස 11 වැනිදා සිට 19 වැනිදා දක්වා පුරා දින 09ක් මුළුල්ලේ පැවැත්වෙනු ඇත.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් සහභාගී වන අතර, එක් කාණ්ඩයකට කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ 02ක් යටතේ මූලික වටයේ තරග 21ක් පැවැත්වීමට නියමිතයි.
අවසන් මහා තරගය දෙසැම්බර් 19වනදා පස්වරු 05.30ට පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා ‘A’ කාණ්ඩය යටතේ JAFFNA TITANS, HAMBANTOTA BANGLA TIGERS සහ NUWARA ELIYA KINGS යන කණ්ඩායම් ත්රිත්ත්වයත්, ‘B’ කාණ්ඩය යටතේ COLOMBO JAGUARS, KANDY BOLTS සහ GALLE MARVELS යන කණ්ඩායම්ද තරග වදිනු ඇති.
තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ශකීබ් අල් හසන්, ඇලෙක්ස් හල්ස්, ඇන්ඩ්‍රේ ෆෙලේචර්, ඉෆ්තිකාර් අහමඩ්, කරීම් ජැනට්, සෞම්‍ය සර්කාර්, ඉමාඩ් වෂීම්, මොහොමඩ් හමීර්, කයිල් මෙයියස් වැනි විදෙස් ක්‍රීඩකයින් රැසක් ද තරගාවලියට සහභාගී වනවා.


