OpenAI හඳුන්වා දුන් අලුත්ම AI විශේෂාංගය – Sora

Chatgpt හඳුන්වා දුන් OpenAI සමාගම විසින් කෘතීම බුද්ධිය (artificial intelligence) යොදා ගනිමිනි වීඩියෝ නිර්මාණය කළ හැකි නවතම මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා .

එය ඔවුන් නම් කර ඇත්තේ Sora ලෙසටයි .

පසුගිය පෙබරවාරි මාසයේ දී මෙය මුල් වරට හඳුන්වා දුන් නමුත් එය තෝරාගත් චිත්‍රපට නිෂ්පාදකයින්, කලාකරුවන් සහ ආරක්ෂක පරීක්ෂකයින් සඳහා පමණක් භාවිතා කළ හැකි වූවා.

මේ වන විට එය පෙරට වඩා වඩාත් දියුණු සහ වේගවත් කර ඇති බවයි OpenAI සඳහන් කරන්නේ .

කොහොම වුණත් මේ වන විට මෙය ඇමරිකාවේ සිටින සියලුම පුද්ගලයන්ට භාවිතා කළ හැකි බවයි වාර්තා වෙන්නේ .

Sora යනු text-to-video generator tool එකක් වන අතර අප විසින් ලබා දෙන written prompts භාවිතා කරමින් ඒ අනුව වීඩියෝ නිෂ්පාදනය කරනු ලබනවා .

1080p දක්වා වූ resolution සහිතව සහ තත්ත්පර 20ක් දක්වා වූ කාලයක වීඩියෝ මේ හරහා සකසා ගත හැකි වනවා .

මේ සම්බන්ධයෙන් විස්තර දක්වමින් OpenAI පළ කරන ලද ලිපිය මෙතනින්