කොරෝනා වෛරසය ආසාදනය වු තවත් දෙදෙනෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති.
මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් ආසාදිතයෙක් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් ආසාදිතයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි ආසාදිතයෙක්ගේ සමීපතමයෙක් බව හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2809 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබු පිරිස 2296කි.
ආසාදිතයින් 502දෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

