ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 555ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතව තිබේ.
නිරෝධායන කාලසීමාව අවසන් වීම හේතුවෙන් ඔවුන් නිවෙස් වෙත පිටත් කර හරින බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය

