කොරෝනා වෛරසය ආසාදිතව සිට පසුව රෝහලකට ඇතුළත් කෙරුණු බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ 8 හැවිරිදි දියණිය රෝහලෙන් පිටව ගොස් තිබේ. ඇය සහ දියණිය සතියකට වැඩි කාලයක් රෝහල්ගතව ප්රතිකාර ලැබීමෙන් පසුව මෙසේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඇගේ සැමියා වන අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්රවීන රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වෙයි.

