මේ වනවිට වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා තබා ඇත්තේ නිරෝගී සතුන්ගේ ඌරු මස් බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි පවසනවා.
අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පසුගිය කාලය පුරා ඌරු මස් ප්‍රවාහනය සහ අලෙවිය සීමා වුණා.
ඒ හේතුවෙන් දිවයින පුරා ඌරු ගොවිපල හිමියන් පත්වූයේ දැඩි ආර්ථික අපහසුතාවයකටයි.
කෙසේ වෙතත් අදාළ වසංගතය මේ වන විට පාලනය කර ඇති බැවින් පශු වෛද්‍යවරුන් සහතික කළ ඌරු මස් පමණක් මිල දී ගන්නා ලෙසයි පශු වෛද්‍ය සිසිර පියසිරි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ.

