විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය හෙට මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කිරීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊට එම දත්ත සමාලෝචනය මේ වන විට අවසන් කර ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ,

කෙසේ නමුත් කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකරන්නේදැයි යන්න අද දිනයේදී අවසන් ගණන් තැබීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනූව සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට භාර දීමෙන් පසුව නියමිත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල අඩු කිරීම සඳහා මීට පෙරද යෝජනාවලියක් ඉදිරිපත් කළ නමුත් එම සංශෝධනය නැවත සකස් කර ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නා .

ඒ අනූවයි නව සංශෝධිත යෝජනාවලිය හෙට දිනයේ ඉදිරිපත් කිරීමට සූදානම් කොට තිබෙන්නේ