Bitcoin පළමුවරට ඩොලර් 100,000 සීමාව පසු කරයි

එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ ප්‍රථම වරට Bitcoin ඩොලර් 100,000 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.

ඔහුගේ පරිපාලනය ගුප්තකේතන මුදල් සඳහා මිත්‍රශීලී නියාමන පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

Bitcoin මේ වසර තුළ දී පමණක් 130% කින් ඉහළ ගොස් තිබෙනවා .

එසේම ට්‍රම්ප්ගේ දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් සති හතරක් තුළ එය 45% කින් පමණ ප්‍රමානකින් ඉහළ යනු ලැබුවා .

Paul Atkins ඇතුළු ක්‍රිප්ටෝ ගැති නීති සම්පාදකයින් කිහිප දෙනෙකු කොන්ග්‍රසයට තේරී පත් වුණා.