මේ වසරේ මිලියන 1.8 ඉක්මවූ සංචාරකයන් පිරිසක්

2024 ජනවාරි පළමුවැනි දා සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් පිරිස මිලියන 1.8ක් පමණ බව සංචාරක සංවර්ධන මණ්ඩල වෙබ් අඩවිය වාර්තා කරනවා.

නොවැම්බරයේ පමණක් සංචාරකයින් 184,158ක් මෙරටට පැමිණ තිබෙන බව සඳහන්.

මෙම සංචාරක පැමිණීම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ස්ථාවර වර්ධනයක් පිළිබිඹු කරනවා.

පසුගිය 2023 වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,487,303ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂව මෙය කැපී පෙනන වර්ධනයක් ලෙස සැලකිය හැකි වනවා.