මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරා බද්ද හා ඊට අදාල 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

එසේම 2024.12.05 වැනිදා සිට මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත් එකී හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් (31) දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙන්නේ.

සුරා බදු ආඥා පනතේ නෛතික විධි විධාන ප්‍රකාරව මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.