පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3,000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, මුදල් නොමැතිවීම හේතුවෙන් මාස 3කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදු නොවූ බවයි.
රුපියල් 28,500කට අවමයකට යටත්ව එම දීමනාව සෑම පොලිස් නිලධාරීයෙකුට ලැබෙනු ඇති.
ඉදිරි සතිය ඇතුළත එම හිඟ මුදල් ගෙවීම් ආරම්භ කරන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය මහතා සඳහන් කළේ.

