පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි.
එහිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය ලැබී තිබේ.
ඒ අනුව කඩිනමින් පෞද්ගලික අංශය මගින් මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනයට පියවර ගනු ඇති.
මෙහි දී ඕනෑම සහල් වර්ගයක් ආනයනයට හැකියාව ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

