නවක පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිසිවෙකු මේ දක්වා ගිනි අවි සඳහා ඉල්ලුම් කර නැතැයි, පාර්ලිමේන්තුව සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවේ කිසියම් මන්ත්රීවරයෙක් ගිනි අවි ඉල්ලා සිටින අවස්ථාවක ඊට අදාළව නිර්දේශ ලබා දීමට පියවර ගන්නා බවයි.
එසේම මන්ත්රීවරුන් 95 දෙනෙකු පමණ මේ වන විට නිල නිවාස ඉල්ලා තිබෙනවා .
මහා ලේකම්වරිය සඳහන් කළේ, නිල නිවාස මන්ත්රීවරුන්ට භාරදීම මේ සතිය තුළ සිදුකරන බවයි.
මේවන විට නිවාස 45 ක් පමණ ප්රතිසංස්කරණය කර අවසන් වන අතර සෙසු නිල නිවාස ද කඩිනමින් ප්රතිසංස්කරණයට පියවර ගන්නා බව ඇය පැවසුවා ය.

