පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කෙරේ

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා.

කෝප් සහ කෝපා ඇතුළු ප්‍රධාන කමිටු පිහිටුවීම මෙම තේරීම කාරක සභාව මගින් සිදු කරනු ලබනවා.

ඊට ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පත් වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්වන සාමාජික නාමලේඛනය, ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කතානායකවරයා සඳහන් කළේ ය.