දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දෙසට ගමන් කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා .
ඒ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි .
රජය ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන තුරු අගනුවර රැඳී සිටින ලෙසයි ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් විසින් එම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ වන විට ඉස්ලාමාබාද් අගනුවර වසා දමා ඇති අතර අධිවේගී මාර්ග පවා වසා දමා තිබෙනවා .
එසේම ඇතැම් ප්‍රදේශ වල දුරකථන සහ අන්තර්ජාල සම්බන්ධතා ද කපා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
ඊයේ දිනයේ ආරම්භ වූ පාගමනේදී පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
72 හැවිරිදි හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවමක් විඳිමින් සිටිනවා .

