කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පළවූ වාර්තා පදනම් කර ගනිමිනුයි ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ.
වෙළඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා .
කෙසේවෙතත් එම සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ පසුගිය 19 වනදා ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර, තවත් ගෑස් නෞකාවක් අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවයි.

