පස්සර – බිබිල මාර්ගයේ 13 කනුව ප්රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා තිබූ පස්සර – බිබිල මාර්ගය යළි රථ වාහන ධාවනය සදහා විවෘත කර තිබෙනවා.
එම මාර්ගය දහවල් කාලයේ රථවාහන ධාවනය සදහා විවෘත කළද දිනපතා එය පස්වරු 6 සිට උදෑසන 6 යි 30 තෙක් වසා තැබෙන බවයි බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන සදහන් කළේ.
පසුගිය 11 වනදා අලුයම අදාල මාර්ගයට පස් කන්ද කඩා වැටීම හේතුවෙන් පස්සර, බිබිල සහ මොනරාගල ප්රදේශවල රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.

