මෙතෙක් ලෝකයේ සිටි ධනවත්ම පුද්ගලයා බවට Elon Musk පත් වෙයි

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන Elon Musk ලොව මෙතෙක් සිටි ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර තිබෙනවා .

Forbes සඟරාව දක්වන්නේ ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 334.3 ක් වන බවයි .

එක්සත් ජනපද මැතිවරනයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු Tesla සමාගමේ කොටස් විශාල ලෙස ඉහළ යැමත් සමඟයි ඔහු මෙලෙස ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ .

පසුගිය සිකුරාදා පමණක් එය 3. 8% කින් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

එසේම ඩොලර් බිලියන 50 ක වටිනාකමකින් යුත් Musk ගේ xAI සමාගම සහ ඩොලර් බිලියන 210 ක වටිනාකමකින් යුත් SpaceX සමාගම ද ඔහුගේ වත්කම ට දායක වනවා.

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව Elon Musk ඇමරිකානු ජනාධිපතිවරණ දිනයේ සිට දළ වශයෙන් ඩොලර් බිලියන 83 කින් පමණ ධනවත් වී තිබුණා.

දෙවෙනුව ධනවත්ම පුද්ගලයා වන Oracle හි සභාපති Larry Ellison ට වඩා Musk ගේ ධනවත්කම ඩොලර් බිලියන 80කට වඩා වැඩි වනවා .