Brooke Rollins ඇමරිකාවේ නව කෘෂිකර්ම ලේකම් ධූරයට

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ කෘෂිකර්ම ලේකම් ලෙස බෲක් රෝලින් (Brooke Rollins) පත් කරගෙන තිබෙනවා.

52 හැවිරිදි රොලින්ස් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ ලාභ නොලබන සංවිධානයක් වන America First Policy Institute ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනවා .

රෝලින් ඇමරිකාවේ පළමු ප්‍රතිපත්ති ආයතනයේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වන අතර නීතිඥයෙක්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය මීට පෙර ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද දේශීය ප්‍රතිපත්ති කවුන්සිලයේ වැඩ බලන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කර ඇති බව සදහන්.

මෙම තෝරා ගැනීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට සිය කැබිනට් මණ්ඩලයේ ඉහළම කැබිනට් තනතුරු සියල්ල සඳහා තෝරා ගැනීම් සිදු කර අවසන් වනවා .