දකුණු කොරියානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Hyundai සමාගම ඇමරිකාවේ ඇති සිය electric සහ hybrid වාහන 145,235 ක් ආපසු කැඳවා තිබෙනවා .
IONIQ 5 සහ IONIQ 6 ඇතුළු තෝරාගත් මාදිලි කිහිපයක් මෙන්ම 2022-2025 වසරවල නිෂ්පාදනය වුණු Genesis GV60, Genesis GV70 සහ Genesis G80 යන මාදිලි ද මෙලෙස නැවත කැඳවා තිබෙනවා .
මෙම වාහනවල ඒකාබද්ධ ආරෝපණ පාලන ඒකකවලට හානි සිදු විය හැකි වීම හේතුවෙනුයි මෙලෙස නැවත කැඳවීම් සිදු කර ඇත්තේ .
මෙම වාහන වල උපාංගවල මෘදුකාංග සහ ෆියුස්, අදාළ අලෙවිකරුවන් විසින් පරීක්ෂා කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම සහ යාවත්කාලීන කිරීම කිසිදු ගාස්තුවකින් තොරව සිදු කර දෙන බව Hyundai නිවේදනය කර තිබෙනවා .

