නව මධ්‍යම දුර බැලස්ටික් මිසයිල මගින් යුක්රේනයට පහර දුන් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා .
න්‍යෂ්ටික නොවන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් මගින් ප්‍රහාරය එල්ල කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එය රුසියානු ඉංජිනේරුවන් විසින් Oreshnik ලෙස නම් කර තිබෙනවා .
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ජාතිය අමතමින් පුටින් මේ බව ප්‍රකාශ කර ඇත .
නොවැම්බර් 19 වැනි දින යුක්රේන සන්නද්ධ හමුදාවන් විසින් ATACMS මිසයිල හයකින් සහ නොවැම්බර් 21 වන දින Kursk කලාපයේ Storm Shadow පද්ධති සමඟ Bryansk කලාපයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති බවත් ඔහු සඳහන් කරනවා.
නමුත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඒවා විනාශ කිරීම නිසා එම ප්‍රහාර වලින් ජීවිත හානි හෝ බරපතල හානියක් සිදු නොවූ බවයි ඔහු අවධාරණය කළේ.
රුසියාවට එරෙහිව ඔවුන්ගේ ආයුධ භාවිතා කිරීමට ඉඩ දෙන රටවල හමුදා පහසුකම්වලට එරෙහිව, අපගේ ආයුධ භාවිතා කිරීමට අපට අයිතියක් ඇතැයි අපි විශ්වාස කරන බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් කියා සිටියා .

