නොවැම්බර් වැඩිහිටි දීමනා බැංකු ගිණුම් වෙතට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය කරනවා.

නොවැම්බර් මාසයට අදාළව එම මුදල් බැංකු ගත කර ඇති අතර, අද (22) සිට එම මුදල් බැංකු ගිණුමෙන් ලබාගත හැකි වනවා.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 511,086කට මෙම දීමනාව ගෙවනු ලබන අතර මේ මාසය සඳහා රු 1,533,258,000ක් ඒ වෙනුවෙන් වෙන්කර ඇත.