ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.
අද පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.
“අපි බලයට පත්වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට බැඳී සිටින රටක් අපට උරුම විය. අප ප්‍රගතිය අපේක්ෂා කරන්නේ නම් මෙම ගිවිසුමෙන් ඉවත් වීම විකල්පයක් නොවේ,
සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන සමාලෝචනය පැවති මැතිවරණ හේතුවෙන් ප්‍රමාද වූ බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා .

