ෆේල් නොවී වැඩ කරන්න ජනපතිගෙන් කැබිනට්ටුවට උපදෙස්

වත්මන් අමාත්‍යවරුන් සිය රාජකාරියේදී ජනතාව වෙනුවෙන් සිදු කරන කාර්ය තුළීන් වත්මන් ආණ්ඩුව සමත් වනවාද අසමත්වනවාද යන්න තීරණය වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (18) නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසුව නව අමාත්‍යවරුන් අමතමිනුයි.

ඒහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සැප්තැම්බර් මස ගත් තීන්දුව තවත් ශක්තිමත් කිරීමට පොදු ජනතාව තීරණය කර මහමැතිවරණයේ ජය අප වෙත ලබා දුන් බවයි.

ඒ් මෙරට දේශපාලන සිතියම තිබුණේ උතුරට එරෙහි දකුණු දේශපාලනයත්, දකුණට එරෙහි උතුරේ දේශපාලනයක් නිර්මාණය වී තිබු අතර නමුත් මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව තේරුම් ගියේ තවදුරටත් බෙදීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ඒමෙන්ම උතුරු සහ නැගෙනහිර දකුණ ද පොදු ජනතාවගේ අභිලාශ වෙනුවෙන් වැඩ කල කාලයක් එළැඹ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවද අපට ඡන්දය දුන්නත් නොදුන්නත් අප අපේක්ෂා කරන කාර්යන් ඔවුන්ගෙත් අරමුණු බවට පත්වන බව නිසැක බව ජනාධීපතිවරයා අවධාරණය කර සිටියා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නේ කොහොමද යන්න අප මේ රටේ ජනතාවට පෙන්නුම් කළ බව ඔහු කියා සිටියා.

මැතිවරණ කාල පරිච්චේදය තුළ ඉතා සාමකාමිව පවත්වන්න අයිතිය අප ලබා දුන් අතර මේ ජයග්‍රහණය සුවිශේෂි ජයග්‍රහනයක් බවත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ගන්නා පලමු ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

මේ ඔහු දැක්වූ වැඩිදුර අදහස් ,

“මේ ජයග්‍රහණය ලබාගැනීමේ දී පොදුජනයාගේ විශාල මැදිහත්වීමක් තිබුණු බව අපි දන්නවා. අපි විශේෂයෙන් දන්නවා දේශපාලන යාන්ත්‍රණයට සම්බන්ධ නොවුණ, අපිට කතා නොකළ විශාල පිරිසක් අපි වෙනුවෙන් වැඩ කරා. මතක තියාගන්න ඔවුන් සෑම අවස්ථාවකදීම විශාල පිරිසක් අපගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත් වුණා. ඒ වගේම අපි මේ ජයග්‍රහණය වෙනුවෙන් දීර්ඝ කාලයක් පොරබැද්දා. මෙතෙන ඉන්න බොහෝ අය ළමාකාලයේ, තරුණ කාලයේ සිට මේ සිහිනය වෙනුවෙන් බොරබැද්දා. කාලය, ශ්‍රමය පමණක් නොවන තමන්ගේ ජීවිතයෙන් පවා මේ ජයග්‍රහණය වෙනුවෙන් පොර බැදීමක් තිබුණා. ආරම්භයේ දී අපේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න අපේ අරමුණ වෙනුවෙන් මැදිහත් වුණ අය හිටියා. සමහරු අතරමැදිව අපිව දාලා ගියා. එහෙම වුණත් අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම අවස්ථාවකදී ඔවුන් අපිට සහාය දුන්නා. එයත් මේ ජයග්‍රහණයට විශාල පිටුවහලක්. ඒ නිසා අපිට ආකාර දෙකක වගකීමක් තියෙනවා. එකක් පොදුජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තිබෙන වගකීම. දෙක ව්‍යාපාරය වෙනුවෙන් තිබෙන වගකීම. 

අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.”