මැතිවරණය සහ සති අන්ත නිවාඩුව අවසන් කර රැකියා ස්ථාන වෙත පැමිණෙන ජනතාව සදහා විශේෂ දුම්රිය ගමන් වාර 07ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වා සහ බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරවයි අද සහ හෙට දිනවල මෙලෙස විශේෂ දුම්රිය වාර කිහිපයක් යොදවා ඇති බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

