අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධූරය සඳහා 27 හැවිරිදි Karoline Leavitt පත් කර තිබෙනවා .
ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරයට පත් කළ ළාබාලම කාන්තාව ඇය වනවා .
දක්ෂ සන්නිවේදන හැකියාවක් සහිත කැරොලීන් දැඩි කැපවීමකින් ධුරයේ කටයුතු සිදුකරනු ඇති බවට තමා අපේක්ෂා කරන බව ට්‍රම්ප් නව පත්කිරීම සිදුකරමින් සඳහන් කර තිබේ.
සන්නිවේදන හා දේශපාලන විද්‍යාව හදාරන්නියක වන කැරොලින් ලීවිට් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ දී ද ධවල මන්දිරයේ මාධ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කර තිබුණි.
කැරොලයින් දක්ෂ, දැඩි, සහ ඉතා ඵලදායී සන්නිවේදකයෙකු බව ඔප්පු කර ඇති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ .

