විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් සිය වාර්තාව භාර දෙයි

මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බවයි වාර්තා වෙන්නේ

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබුණි.

ඒ අනුව ඔවුන් මැතිවරණ පුර්ව සමය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ කාල සීමාවේ සිය නිරීක්ෂනයන් සිදුකර ඇත.