නවසීලන්තයේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා වන Tim Southee ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා .
ඒ දෙසැම්බර් මාසයේ හැමිල්ටන්හි ඔහුගේ උපන් ක්‍රීඩාංගණය වන Seddon Park, හි පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරග තුනකින් සමන්විත තරගාවලියෙන් පසුවයි .
ජාත්‍යන්තර කඩුලු 770 ක් ලබා ඇති ඔහු වසර 18 ක් කාලයක් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා .
ඔහු මේ වන විට 34 හැවිරිදි වියේ පසුවනවා .
ඔහු ටෙස්ට් කඩුලු 300කට වැඩි ප්‍රමාණයක්, එක්දින කඩුලු 200කට සහ විස්සයි20 කඩුලු 100කට වැඩි ප්‍රමාණයක් දවාගත් එකම ක්‍රීඩකයා බවට ලෙස නම් දරා ඇත .
ICC ක්‍රිකට් ලෝක කුසලාන හතරක, T20 ලෝක කුසලාන හතක ඔහු සිය දක්ෂතා දක්වා තිබෙනවා .

