ජජබයෙන් විශේෂ මාධ්‍ය හමුවක්

නිමාවූ මහ මැතිවරණයේ දී, ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන මුලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා .

සමානුපාතික ඡන්ද ක්‍රමය මෙරට හඳුන්වා දීමෙන් අනතුරුව එක් දේශපාලන පක්ෂයක් ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාස වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 159ක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත්විය.

ලැබූ ජයග්‍රහණය පිටුපස සිටින සෑම අයෙකුටම සිය පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුදකරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා