මෙරට නිල සංචිත වත්කම් 81%කින් ඉහළට

ෆිච් රේටින්ග්ස් සමාගම ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් ලෙස සටහන්වී තිබේ.

එය 2023 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 81%ක වර්ධනයක් වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා ඇතිවූ බලපෑම මත මෙම වර්ධනය සිදුවී ඇති බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරන්නේ.