විදුලි බිල අඩු කිරීමේ නව යෝජනාවලිය තවත් සති දෙකකින්

විදුලිය ගාස්තු අඩු කිරීමට අදාළ නව යෝජනාවලිය ලබාදීම සඳහා තවත් දෙසතියක කාලයක් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇතැයි, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

දත්ත විශ්ලේෂණය කරමින් ගණනය කිරීම් තවදුරටත් සිදුකිරීමට ඇති වීම හේතුවෙන් මෙලෙස තවත් කල් ඉල්ලූ බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

එම නව යෝජනාවලිය පසුගිය 08 වැනිදාට පෙර ලබා දෙන ලෙස මින් පෙර මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණා.

මීට පෙර ඉදිරිපත් කළ එම යෝජනාවලියේ ගාස්තු සංශෝධන මිල සූත්‍රය යටතේ අනුකූලතාව පිළිබඳ ගැටලු මතුව තිබුණා.

ඒ නිසයි නැවත නව යෝජනාවලිය ඉල්ලා ඇත්තේ.