විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීමට අද(06) දින සිට මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විදෙස් ගමන් බලපත්ර හිඟවීම හේතුවෙන් දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්ර ප්රමාණය සීමා කිරීමත් සමග එම දෙපාර්තමේන්තුවේ කොළඹ ප්රධාන කාර්යාලය සහ ප්රාදේශීය කාර්යාල අසල පසුගිය මාස කිහිපය තුළ දිගු පෝලිම් දක්නට ලැබුණා.
මේ මාසයට අදාළව දින වෙන් කිරීම මේ වනවිට අවසන් වී ඇති බැවින් අද සිට මාර්ගගත ක්රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයින්ට දින ලබා දිය හැක්කේ ලබන මස මුල සිට බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය කියා සිටියේ.

