WhatsApp හරහා යවන පින්තූර ලේසියෙන්ම web search කිරීමේ නව විශේෂාංගයක්

පරිශීලකයින්ට වෙනත් පරිශීලකයෙකුගෙන් ලැබුණු රූපයක් ඉක්මනින් වෙබ් search කිරීමේ විශේෂාංගයක් WhatsApp විසින් හඳුන්වා දී තිබෙනවා .

මේ වන විට මෙය Android හි beta accounts ඇති අයට පමණක් හඳුන්වා දී තිබෙනවා .

කෙසේවෙතත් අනෙක් accounts සඳහාත් මෙය ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ .

එවන ලද ඡායාරූපයේ ඉහලින් ඇති dots 3ක සලකුණ හරහා ගොස් එතනින් Search on web > Search යන්න යෙදීමෙන් මෙලෙස ඉතා පහසුවෙන් එම ඡායාරූපය web search කිරීමේ හැකියාවක් පවතිනවා.