පසුගිය ඔක්තෝම්බර් මාසය ජපානයේ 1898 වසරෙන් පසුව පැවති උණුසුම්ම ඔක්තෝම්බර් මාසය බවට වාර්තා වී ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා .
ජපානය පුරා මාසික සාමාන්‍ය උෂ්ණත්වය අනෙකුත් ඔක්තෝබර් මාසවල උෂ්ණත්ව වලට වඩා සෙල්සියස් අංශක 2.21 කින් ඉක්මවා ඇති බවයි වාර්තා වෙන්නේ .
කලාපීය වශයෙන්, උතුරු ජපානයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් අංශක 1.9 කින් වැඩි වූ අතර නැගෙනහිර සහ බටහිර ජපානයේ උෂ්ණත්වය අංශක 2.6 කින් ඉහළ ගොස් ඇති බවයි Xinhua පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ.
කියෝතෝ, නගානෝ සහ මධ්‍යම ටෝකියෝ වැනි නගරවල සැලකිය යුතු උෂ්ණත්ව ඉහළ යාමක් සටහන්ව තිබෙනවා .
ජපානයට පසුගිය ජූලි මාසයේ සිට අධික උණුසුම් කාලගුණයක් පවතිනවා .

