කරාපිටිය වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවකට සෞඛ්‍ය බලධාරීන් විසදුම් ලබා නොදීමට එරෙහිව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ආරම්භ කර තිබු වර්ජනය අවසන් කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය අසංක කෝණාර අද උදැසන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, අදාල වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවට බලධාරින් ලිඛිත ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවු බවයි.