පොල් හිගයට සහ මිල ඉහළ යාමට විසදුම් ලෙස වෙළදපළේ අලෙවිකිරීමට ඇති පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට ගැනීමට පාරිභෝගිකයන් වැඩිවශයෙන් උනන්දු විය යුතු බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
පොල් පරිභෝජනයෙන් 60% කට වැඩි ප්රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරනු ලබනවා.
පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතය තුළින් අද වන විට පොල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට යම්තාක් දුරකට විසදුම් ලබාගත හැකි බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.
අද වන විට වෙළදපළේ පොල් ගෙඩියක මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් ඇති අතර එමෙන්ම ඇතැම් ප්රදේශවල පොල් ගෙඩියේ ප්රමාණය අනුව මිල තීරණය කෙරෙන බව සඳහන්.

