මේ මාසයටත් ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරනවා .

2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බවයි එහි සභාපතිවරයා දැනුම් දෙන්නේ .

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස එලෙසින්ම පවතිනවා.

No description available.