හැමෝගෙම මල්ලි ඒ කියන්නේ කොත්තමල්ලි ගැන ඔයගොල්ලන්ව දැනුවත් කරන්නයි අද අපි යන්නේ.
ආහාර පිසීමේ දී ඉඳන් ආයුර්වේදීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දක්වා මේ කොත්තමල්ලි අපි භාවිතා කරනවා .
කොත්තමල්ලි කියන්නේ ප්‍රතිජිවක ගුණයේ ඉදන් පිළිකා නැසිමේ ගුණය දක්වා විශාල පරාසයකට දිවෙන ගුණයක් තියෙන ඖෂධ පැළයක්.
ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන ඖෂධ අතරින් ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි මේද පරිවෘත්ති ක්‍රියාවලිය ද යහපත් පරිදි සිදු කරන්න මහත් දායකත්වයක් සපයනවා.
ඒ වගේම බර අඩු කර ගන්නත් කොත්තමල්ලි කියන්නේ හොඳ ඖෂධයක් .
වා ,පිත්, සෙම් යන ත්‍රිදෝෂ සමනයට ගුණදායක කොත්තමල්ලි පිත නැසීමේ විශේෂ ගුණයකින් කොත්තමල්ලි යුක්ත වන බව ද ආයුර්වේදයේ දි පෙන්වා දෙනවා.
විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී කොත්තමල්ලි වල ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුව බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයක් ලෙස හදුන්වනවා .කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් A, B, C ද අඩංගු වෙනවා .

ආහාර දිරවිමේ ක්‍රියාවලිය පහසු කිරිමේ ගුණයකින් යුතු කොත්තමල්ලි ආහාරයට ගැනිමෙන් බඩගින්න ඇතිකරවන්න සමත් වෙනවා.
කොත්තමල්ලි ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වන අතර දියවැඩියාව ඇති අයට හෝ රුධිරයේ සීනි පාලනය කරන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා .
ඒ වගේම කෑම ආරුචිය ඇති විටත් කොත්තමල්ලි කොළ ආහාරයට ගැනිම ගුණදායක වෙනවා.
මේ කොත්තමල්ලි අධි රුධිර පීඩනය අඩු කිරීමටත් උපකාරී වෙනවා. ඒවා LDL (නරක) කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ HDL (හොඳ) කොලෙස්ටරෝල් වැඩි කිරීමට ද උපකාරී වෙනවා කියලා විද්‍යාත්මකව හොයා ගෙන තියෙනවා .
ආහාර නොදිරවන අවස්ථාවලදි කොත්තමල්ලි බැද හොඳින් කුඩු කර උණුසුම් ජලයට දමා පානය කිරිමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.
බඩපුරවා දැමිම, ඔක්කාර ඇති විටත්, අර්ශස් රෝගින්ටත්, පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නන්ට වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින් ගෙන සිනි දමා හෝ නොදමා උදේ සවස පානය කිරිමෙන් සුවයක් ලබා ගන්න පුළුවන්.
කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගන්න පුළුවන්.
තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද කොත්තමල්ලි තම්බලා භාවිතයට ගන්න පුළුවන්. මේ හරහා ශරීරයට අනවශ්‍ය විදිහට caffeine ඇතුලත් කර ගන්නේ නැතුව හොඳ රසවත් පානයක් හදා ගන්න පුළුවන් .
එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද කොත්තමල්ලි යෝග්‍ය වෙනවා.
අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.
ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වලදී කොත්තමල්ලි වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගනන්ද හැකියාවක් පවතිනවා.


