උගන්ඩාවේ වයඹ දෙසින් පිහිටි පලාබෙක් සරණාගත කඳවුරකට සිදු වූ අකුණු ගැසීමක් නිසා එහි සිටි පුද්ගලයන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
එසේම තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .
සෙනසුරාදා සවස පල්ලියේ දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටිය දී මෙම අනතුර සිදු වී ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ .
මිය ගිය සියලුදෙනා කුඩා දරුවන් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ .
පලාබෙක් සරණාගත ජනාවාසයේ සරණාගතයින් 80,000 කට වැඩි පිරිසක් වාසය කරනු ලබනවා .

