ලංකා T10 සුපර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් මෙය මෙවර පළමු වරට සංවිධාන කරනු ලබන්නක් වනවා.
දෙස් විදෙස් සුපිරි ක්රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
තරගාවලිය වෙනුවෙන් ක්රීඩකයින්ට නොවැම්බර් මස පළමු වනදා සිට ලියාපදිංචි වීමේ හැකියාව පවතී.

